Saturday, August 20, 2016

හෙවනැල්ලත් මගේ ළග හිටියේ
එළිය තියෙනකන් විතරයි.
ඒත්.. වාරු නැති මගේ දෙපයට
ශක්තියක් දෙමින්
නුඹ හැමදාමත්
මගේ පසුපසම සිටියා.
මං හිතුවේ,
ඉස්කෝලෙන් පස්සේ
මගේ ඉගෙනීමත් ඉවරයි කියලා......
ඒත්.. මං කැම්පස් අාවා..
අදත් එදා වගේම
මේ සරසවි පාර දිගේ
මගේ පසුපස ඔබ ඉන්නවා..
දෙපා වාරු කරන්නට
මට ශක්තියක් දෙමින්..
හැමදාමත්..
තාත්තේ.....................











Friday, August 19, 2016

මල් මල් මල්. . . .

                                                   

                                                                          ලංකාවේ පමණක් නොව විදේශයන්හි පවා බොහෝදෙනෙක් තම නිවස මෙන්ම ගෙවතු අලංකරණය සදහා මල් වැවීමට පුරුදු වී සිටියි.




                              රෝස , බෝගන්විලා, කපුරු, දාස්, පිච්ච, දාස් පෙතියා, වතුසුදු , කටරොලු  අාදී බොහෝ මල් වර්ග වෙදකම මෙන්ම හෙදකම සදහා ද භාවිතා වේ. ඔෟෂධයක් ලෙස මෙන්ම මානසික රෝගීන් , හෘද්‍යාබාධ රෝගීන් යන රෝගි ජනතාවට සහනයක් මෙම මල් වර්ග වලින් ලැබීම ද යහපතට කරුණකි. බොහෝ රෝහල්වල විවිධ අලංකාරවත් මල් වවා ඇත්තේ එබැවිනි. තවත් අය මල් වතු නැරඹීමට යන්නේ ඒකාකාරී බවෙන් මිදිමටයි. 
                             අනෙක් ප්‍රදේශයන්ට සාපේක්ෂව නුවරඒළිය දිස්ත්‍රික්කය අලංකාර මල් රැසකින් සමන්විතයි. ඊට හේතුව වන්නේ මල් සදහා උචිත ශීත දේශගුණයක් ඒහි පැවතීමයි. පේරාදෙණිය සහ හග්ගල උද්භිත උද්‍යාන ඊට කදිම නිදසුන් සපයයි. ඒහිදී විවිධ මල් වර්ග දැකගත හැකි අතර ලංකාවට අාවේණික වූ සුවිශේෂී මල් වර්ගද ඒහි පවතී. 
                                        මීට අමතරව ශ්‍රී ලංකාවේ වැසි වනාන්තර,අභයභූමි වලින්ද විවිධ මල් වර්ග දැකගත හැක. උදාහරණ ලෙස සිංහරාජ , යාල වැනි වනාන්තර හැදිනවිය හැක. එහිදි බාදුරා යන කෘමින් ආහාරයට ගන්නා විශේෂ මල් වර්ගය ද දැකගත හැකිය.
                                        අපගේ අවධානයට ලක් නොවුවද මල් යනු ජෙෙව විවිධත්වයෙන් සපිරුණු සුන්දර ලෝකයකි. ගොඩබිම මෙන්ම ජලයේද අලංකාරවත් මල් වර්ග දැකගැනීමට හැකි වීමම ඒම ජෙෙව විවිධත්වයට නිදසුන් සපයයි. ඕලු, නෙලුම්, මානෙල්, නිල් මානෙල් වැනි දියෙහි පිපෙන අලංකාරවත් මල් වර්ග රැසකි. මේවා විවිධ ආගමික කටයුතු සදහාද යොදාගනී. එමෙන්ම රාත්‍රියේ පිපෙන සේපාලිකා, කඩුපුල්, හෙන්දිරික්කා වැනි ප්‍රභේදයන්ද පවතී.
                                        ජාති අාගම් භේදයකින් තොරව විවිධ වර්ගයේ මල් විවිධ සැරසිලි සදහා යොදාගනි.සැරසිලි සදහා යොදා ගන්නා මල් අතරින් රෝස, කපුරු, ජේබ්බ්‍රාස්, ඕකිඩ්, සුදු රෝස වැනි මල් සුලභ වේ. වර්තමානයේදී මල් වගාව විදේශ විනිමයක් උපයා ගත හැකි සාර්ථක ක්‍රමයක් ලෙසද දැක්විය හැක. මෙම මල් සදහා විදේශිකයන්ගේද ආකර්ශනයද බොහෝසෙයින් ලැබේ.


උපතේ සිට මරණය දක්වාම ජීවිතයේ බොහෝ අවස්ථාවන් නියෝජනය කරන්නා වූ මල් වර්ග ස්වභාවික පරිසරය මෙන්ම මනුෂ්‍ය සන්තානය තුළද සුන්දරත්වය උද්දීපනයට සදාකල්හිම අවැසි වේ.
           

Tuesday, August 16, 2016






මිනිසාට කළ නොහැකි යමක් නොමැත.
අවැසි වන්නේ උනන්දුව හා උත්සාහයයි.
කම්මැලිකම පලවාහැරිය යුතු පවිටු මිතුරෙකි.
ඒල්බගත් ඉලක්කය නොවරදින සත්‍යයකි.

ජීවිතය






ඉගෙනීම,
දිනෙන් දින
වෙනස්කරයි මිනිසාව.
අත්දැකීම්,
පන්නරය කරවයි
ජීවිතය.
වැරදීම්,
මග කියාදෙයි
සාර්ථක අනාගතයකට.
බලාපොරොත්තු,
ජීවත්කරවයි
අභියෝගපිරි ජීවිතය...

අහඹු මිතුරා



පුංචි කොල්ලෙකි
පරිපූර්ණව අත්දැකීමෙන්..
කියාදුන්නේ ජීවිතය
සත්‍යය මෙයයැයි
අවබෝධයෙන් මෙන්..
හමාවිත් ජීවිතයට
සුළං රැල්ලක් ලෙසින්
රැදෙනු සදාකල්හිම
බැස නොයන් මසිතින්.......