ලංකාවේ පමණක් නොව විදේශයන්හි පවා බොහෝදෙනෙක් තම නිවස මෙන්ම ගෙවතු අලංකරණය සදහා මල් වැවීමට පුරුදු වී සිටියි.
රෝස , බෝගන්විලා, කපුරු, දාස්, පිච්ච, දාස් පෙතියා, වතුසුදු , කටරොලු අාදී බොහෝ මල් වර්ග වෙදකම මෙන්ම හෙදකම සදහා ද භාවිතා වේ. ඔෟෂධයක් ලෙස මෙන්ම මානසික රෝගීන් , හෘද්‍යාබාධ රෝගීන් යන රෝගි ජනතාවට සහනයක් මෙම මල් වර්ග වලින් ලැබීම ද යහපතට කරුණකි. බොහෝ රෝහල්වල විවිධ අලංකාරවත් මල් වවා ඇත්තේ එබැවිනි. තවත් අය මල් වතු නැරඹීමට යන්නේ ඒකාකාරී බවෙන් මිදිමටයි.
අනෙක් ප්‍රදේශයන්ට සාපේක්ෂව නුවරඒළිය දිස්ත්‍රික්කය අලංකාර මල් රැසකින් සමන්විතයි. ඊට හේතුව වන්නේ මල් සදහා උචිත ශීත දේශගුණයක් ඒහි පැවතීමයි. පේරාදෙණිය සහ හග්ගල උද්භිත උද්‍යාන ඊට කදිම නිදසුන් සපයයි. ඒහිදී විවිධ මල් වර්ග දැකගත හැකි අතර ලංකාවට අාවේණික වූ සුවිශේෂී මල් වර්ගද ඒහි පවතී.
මීට අමතරව ශ්‍රී ලංකාවේ වැසි වනාන්තර,අභයභූමි වලින්ද විවිධ මල් වර්ග දැකගත
හැක. උදාහරණ ලෙස සිංහරාජ , යාල වැනි වනාන්තර හැදිනවිය හැක. එහිදි බාදුරා යන කෘමින් ආහාරයට ගන්නා විශේෂ මල් වර්ගය ද දැකගත හැකිය.අපගේ අවධානයට ලක් නොවුවද මල් යනු ජෙෙව විවිධත්වයෙන් සපිරුණු සුන්දර ලෝකයකි. ගොඩබිම මෙන්ම ජලයේද අලංකාරවත් මල් වර්ග දැකගැනීමට හැකි වීමම ඒම ජෙෙව විවිධත්වයට නිදසුන් සපයයි. ඕලු, නෙලුම්, මානෙල්, නිල් මානෙල් වැනි දියෙහි පිපෙන අලංකාරවත් මල් වර්ග රැසකි. මේවා විවිධ ආගමික කටයුතු සදහාද යොදාගනී. එමෙන්ම රාත්‍රියේ පිපෙන සේපාලිකා, කඩුපුල්, හෙන්දිරික්කා වැනි ප්රභේදයන්ද පවතී.
ජාති අාගම් භේදයකින් තොරව විවිධ වර්ගයේ මල් විවිධ සැරසිලි සදහා යොදාගනි.සැරසිලි සදහා යොදා ගන්නා මල් අතරින් රෝස, කපුරු, ජේබ්බ්රාස්, ඕකිඩ්, සුදු රෝස වැනි මල් සුලභ වේ. වර්තමානයේදී මල් වගාව විදේශ විනිමයක් උපයා ගත හැකි සාර්ථක ක්‍රමයක් ලෙසද දැක්විය හැක. මෙම මල් සදහා විදේශිකයන්ගේද ආකර්ශනයද බොහෝසෙයින් ලැබේ.
උපතේ සිට මරණය දක්වාම ජීවිතයේ බොහෝ අවස්ථාවන් නියෝජනය කරන්නා වූ මල් වර්ග ස්වභාවික පරිසරය මෙන්ම මනුෂ්‍ය සන්තානය තුළද සුන්දරත්වය උද්දීපනයට සදාකල්හිම අවැසි වේ.
Wow!
ReplyDeleteThis comment has been removed by the author.
DeleteThanks..
DeleteWow!
ReplyDelete