Saturday, August 20, 2016

හෙවනැල්ලත් මගේ ළග හිටියේ
එළිය තියෙනකන් විතරයි.
ඒත්.. වාරු නැති මගේ දෙපයට
ශක්තියක් දෙමින්
නුඹ හැමදාමත්
මගේ පසුපසම සිටියා.
මං හිතුවේ,
ඉස්කෝලෙන් පස්සේ
මගේ ඉගෙනීමත් ඉවරයි කියලා......
ඒත්.. මං කැම්පස් අාවා..
අදත් එදා වගේම
මේ සරසවි පාර දිගේ
මගේ පසුපස ඔබ ඉන්නවා..
දෙපා වාරු කරන්නට
මට ශක්තියක් දෙමින්..
හැමදාමත්..
තාත්තේ.....................











Friday, August 19, 2016

මල් මල් මල්. . . .

                                                   

                                                                          ලංකාවේ පමණක් නොව විදේශයන්හි පවා බොහෝදෙනෙක් තම නිවස මෙන්ම ගෙවතු අලංකරණය සදහා මල් වැවීමට පුරුදු වී සිටියි.




                              රෝස , බෝගන්විලා, කපුරු, දාස්, පිච්ච, දාස් පෙතියා, වතුසුදු , කටරොලු  අාදී බොහෝ මල් වර්ග වෙදකම මෙන්ම හෙදකම සදහා ද භාවිතා වේ. ඔෟෂධයක් ලෙස මෙන්ම මානසික රෝගීන් , හෘද්‍යාබාධ රෝගීන් යන රෝගි ජනතාවට සහනයක් මෙම මල් වර්ග වලින් ලැබීම ද යහපතට කරුණකි. බොහෝ රෝහල්වල විවිධ අලංකාරවත් මල් වවා ඇත්තේ එබැවිනි. තවත් අය මල් වතු නැරඹීමට යන්නේ ඒකාකාරී බවෙන් මිදිමටයි. 
                             අනෙක් ප්‍රදේශයන්ට සාපේක්ෂව නුවරඒළිය දිස්ත්‍රික්කය අලංකාර මල් රැසකින් සමන්විතයි. ඊට හේතුව වන්නේ මල් සදහා උචිත ශීත දේශගුණයක් ඒහි පැවතීමයි. පේරාදෙණිය සහ හග්ගල උද්භිත උද්‍යාන ඊට කදිම නිදසුන් සපයයි. ඒහිදී විවිධ මල් වර්ග දැකගත හැකි අතර ලංකාවට අාවේණික වූ සුවිශේෂී මල් වර්ගද ඒහි පවතී. 
                                        මීට අමතරව ශ්‍රී ලංකාවේ වැසි වනාන්තර,අභයභූමි වලින්ද විවිධ මල් වර්ග දැකගත හැක. උදාහරණ ලෙස සිංහරාජ , යාල වැනි වනාන්තර හැදිනවිය හැක. එහිදි බාදුරා යන කෘමින් ආහාරයට ගන්නා විශේෂ මල් වර්ගය ද දැකගත හැකිය.
                                        අපගේ අවධානයට ලක් නොවුවද මල් යනු ජෙෙව විවිධත්වයෙන් සපිරුණු සුන්දර ලෝකයකි. ගොඩබිම මෙන්ම ජලයේද අලංකාරවත් මල් වර්ග දැකගැනීමට හැකි වීමම ඒම ජෙෙව විවිධත්වයට නිදසුන් සපයයි. ඕලු, නෙලුම්, මානෙල්, නිල් මානෙල් වැනි දියෙහි පිපෙන අලංකාරවත් මල් වර්ග රැසකි. මේවා විවිධ ආගමික කටයුතු සදහාද යොදාගනී. එමෙන්ම රාත්‍රියේ පිපෙන සේපාලිකා, කඩුපුල්, හෙන්දිරික්කා වැනි ප්‍රභේදයන්ද පවතී.
                                        ජාති අාගම් භේදයකින් තොරව විවිධ වර්ගයේ මල් විවිධ සැරසිලි සදහා යොදාගනි.සැරසිලි සදහා යොදා ගන්නා මල් අතරින් රෝස, කපුරු, ජේබ්බ්‍රාස්, ඕකිඩ්, සුදු රෝස වැනි මල් සුලභ වේ. වර්තමානයේදී මල් වගාව විදේශ විනිමයක් උපයා ගත හැකි සාර්ථක ක්‍රමයක් ලෙසද දැක්විය හැක. මෙම මල් සදහා විදේශිකයන්ගේද ආකර්ශනයද බොහෝසෙයින් ලැබේ.


උපතේ සිට මරණය දක්වාම ජීවිතයේ බොහෝ අවස්ථාවන් නියෝජනය කරන්නා වූ මල් වර්ග ස්වභාවික පරිසරය මෙන්ම මනුෂ්‍ය සන්තානය තුළද සුන්දරත්වය උද්දීපනයට සදාකල්හිම අවැසි වේ.
           

Tuesday, August 16, 2016






මිනිසාට කළ නොහැකි යමක් නොමැත.
අවැසි වන්නේ උනන්දුව හා උත්සාහයයි.
කම්මැලිකම පලවාහැරිය යුතු පවිටු මිතුරෙකි.
ඒල්බගත් ඉලක්කය නොවරදින සත්‍යයකි.

ජීවිතය






ඉගෙනීම,
දිනෙන් දින
වෙනස්කරයි මිනිසාව.
අත්දැකීම්,
පන්නරය කරවයි
ජීවිතය.
වැරදීම්,
මග කියාදෙයි
සාර්ථක අනාගතයකට.
බලාපොරොත්තු,
ජීවත්කරවයි
අභියෝගපිරි ජීවිතය...

අහඹු මිතුරා



පුංචි කොල්ලෙකි
පරිපූර්ණව අත්දැකීමෙන්..
කියාදුන්නේ ජීවිතය
සත්‍යය මෙයයැයි
අවබෝධයෙන් මෙන්..
හමාවිත් ජීවිතයට
සුළං රැල්ලක් ලෙසින්
රැදෙනු සදාකල්හිම
බැස නොයන් මසිතින්.......

Monday, July 25, 2016

ඔබටත් හිමි සෙවන සහිත ගෙවත්තක්ද...??

         

                  ස්වභාවධර්මයේ අපූරැ චමත්කාරජනක නිර්මාණයක් මල්... බොහෝ මල්වර්ග සදහා අවශ්‍යවන්නේ ඍජු හිරැඒළියයි. නමුත් ඊට හාත්පසින්ම වෙනස් මල් වර්ගයක් වන්නේ අැන්තූරියම්. සෙවන ප්‍රියකරන ශාකයක් වන මෙය අපනයන වෙළදපළ තුළත් ඉතා ජනප්‍රියයි.









              අැන්තූරියම් ප්‍රභේද කිහිපයකින්ම යුක්ත වනවා. 

 

 

                                                      Tropical /ට්රොපිකල් -රතු         
                                                      Midori/ මිඩෝරි- කොළ 
                                                      Rapido /රැපිඩෝ -දම්
                                                      Cassis /කැසිස්- දම්
                                                      Peruzzi /පිරුසි -දම්
                                                      Maxima/ මැක්සිමා- ලා දම්
                                                      Merengue /මෙරැන්ගි- සුදු
                                                        Esmeralda /එස්මෙරෙල්ඩා-කොළ
                                                        Ceasor /සීසර් -තද දම්
                                                        Chichas/ චිකාස් -දුඹුරු
                                                        Monroe /මොන්රෝ -තද රෝස
                                                        Noblesse /නෝබ්ලස් -ලා රෝස
                                                        Salasaga /සලාසගා -පබලු රෝස
                                                        Baroque /බැරක් -කොළ
                                                        Privilege ප්රිවිලෙප් -තද රතු
                                                        Akapana /අකපනා -සුදු කොළ
                                                        Titicaca /ටිටිකාකා- සුදු කොළ
                                                        Ivory /අයිවරි -සුදු

  දකුණු අැමරිකාව නිජ භූමිය කරගත් අැන්තූරියම්හි විද්‍යාත්මක නාමය වන්නේ Anthurium andreanum ය. මෙහි කොටස් ලෙස මල, මල් පොහොට්ටුව, ළපටි පත්‍රය, කද, මූල පද්ධතිය, පත්‍රය, මල් නටුව, නාරටිය, මැද නාරටිය, පත්‍ර නටුව, අංකුරය අාදිය දැක්විය හැකිය. ප්‍රමිතියෙන් තොර මල් හට ගැනීම සදහා ප්‍රධාන හේතුව වන්නේ ශාකයේ වර්ධනයට අවශ්‍ය

පාරිසරික දත්ත නොලැබී යාමයි. සෙවණ මෙන්ම අාලෝකය, උෂ්ණත්වය, ජල වාෂ්ප අාර්ද්‍රවතාවයද මේ සදහා වැදගත් වන පාරිසරික සාධක වේ. අැන්තූරියම් සදහා ජලය යෙදීමේදී සැලකිලිමත් වියයුතු කරැණු ද කිහිපයකි. පෝච්චියේ සිදුරෙන් ජලය ගලායන තෙක් යෙදීම සුදුසු නොවේ. පත්‍ර සහ මාධ්‍යය මතුපිට පමණක් තෙමී යන පරිදි ජලය යෙදීම ප්‍රමාණවත්ය. බීමට සුදුසු පිරිසිදු ජලය පමණක් භාවිතා කරන්න. ක්ලෝරීන් අඩංගු ජලය භාවිතා කිරීමට සිදුවේ නම් පැය 24ක් ගබඩාකර තැබීමෙන් පසු භාවිතා කරන්න. වර්ධනය වූ ශාකයක් සදහා වරකට ජලය ලීටරයක් යෙදීම ප්‍රමාණවත්ය. හොදින් ජලය බැසයන පරිදි සකසා තිබේ නම් වර්ෂා ජලය අහිතකර නොවේ. වගා මාධ්‍යයන් ලෙස පොල්ලෙලි, ගංගා වැලි, කොහුබත්, රලු වැලි, දිරාගිය කොළ පොහොර කොටස්, වියලි ගොම, ගඩොල් හෝ උලු කැට අාදිය සුදුසු වේ.

 















ඇන්තුරියම් සදහා සුවිශේෂි වෙළද පොලක් තිබිමට හේතු,

  • කැපු මලක් වශයෙන් දිගු ආයුකාලයක් සහිතවීම.
  • විවිධ වර්ණ වලින් සමන්විත වීම.
  • ඕනෑම සැරසිල්ලක් සදහා උචිත වීම.
  • ආකර්ෂණිය හැඩයකින් යුතු දිලිසෙන කොපුවක් සහිතවිම.
  • ශක්තිමත් නටුවක් සහිත වීම.
  • පරිසරය සජීවීකරණ හැකියාවක් සතුවීම.
  • අමුත්තන් පිළිගැනීම සදහා විදේශිය රට වලදී වැඩි වශයෙන් භාවිතා විම.
  • ශිත කාලගුණ තත්වයන් සහිත රටවල වගාකළ නොහැකි වීම.
  • ප්‍රවාහනයේදී සිදුවන හානි අවම වීම.





















































 

 















Friday, July 22, 2016

සිතන්නට යමක්....








ඔබේ වචන ධනාත්මක කරගන්න.
හේතුව....     ඔබේ වචන
ඔබේ හැසිරීම් බවට පත්වේ.
ඔබේ හැසිරීම් ධනාත්මක කරගන්න.
හේතුව....     ඔබේ හැසිරීම්
ඔබේ පුරැදු බවට පත්වේ.
ඔබේ පුරැදු ධනාත්මක කරගන්න.
හේතුව....     ඔබේ පුරැදු
ඔබේ වටිනාකම් බවට පත්වේ.
ඔබේ වටිනාකම් ධනාත්මක කරගන්න.
හේතුව....     ඔබේ වටිනාකම්
ඔබේ ඉරණම බවට පත්වේ.



Thursday, July 14, 2016

මටත් තියෙනවා පාටක්....

වෙෙවර්ණ සමාජයේ
පාටවලටත් තියෙනවා කතාවක්.
මං මොන පාටද......??
දේදුන්න ඒච්චර ලස්සන,
පාට ගොඩක් නිසා......
හැමෝගෙම ලේ රතු පාටයි කිව්වට 
කැපුවත් ලේ මේ පාටයි කියන්නේ..................................!!!
.........................................................................................
මටත් තියෙනවා පාටක්.
ඒ...... සුදුපාට.